අධ්‍යාපනය මගින් ජීවිතයට වෙනසක්
ඩී පී එඩියුකේෂන්
අපගේ දැක්ම
"To lead Sri Lanka’s educational transformation by providing free, accessible online learning that empowers every learner to reach their fullest potential, fosters innovation, and builds a globally competitive, knowledge-driven nation."
අපගේ මෙහෙවර
"Our mission is to make high-quality education freely accessible to all through online learning, empowering individuals for personal and national growth. We are committed to fostering innovation and lifelong learning to shape Sri Lanka’s future as a global knowledge leader."
සංඛ්‍යාත්මක වශයෙන්,
  • මිලියන 1.8+ ප්‍රජාව : ලොව සෑම දෙසකින් ම පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ගෙන් සමන්විත වේ.
  • 450+ ගුරුවරුන්: විෂයමාලාවට අතිරේකව අපගේ සම්පත් භාවිත කරමින්, ගුරුවරුන් විසින් සෑම සිසුවකුටම පරිපූර්ණ ඉගෙනීමේ අත්දැකීමක් තහවුරු කරනු ලබයි.
  • භාෂා 3 කින් සමන්විත පාඨමාලා : භාෂා සම්බන්ධයෙන් ඇති බාධක අභිබවා, ඉගෙනීමට සමාන ප්‍රවේශයක් ලබා දී ඇත.
අපගේ සාර්ථකත්වය
ග්‍රාමීය පන්ති කාමරවල සිට නාගරික ප්‍රදේශ දක්වා, අධිෂ්ඨානය හා කැපවීම නිසා වූ ජීවිත පරිවර්තනය වීම් පිළිබඳව නිදසුන් රාශියක් අප සතුව ඇත. අප හා සම්බන්ධ වී ජිවිතයේ අභියෝග ජයගත් සිසුන්, පන්තිකාමරවල විප්ලවීය වෙනසක් කළ ගුරුවරුන් මෙන් ම දරුවන්ට දැවැන්ත සහයෝගයක් ලබාදෙන දෙමව්පියන්ගේ ද අදහස් කියවීමට අපගේ " Success Stories" කොටසට පිවිසෙන්න.
අපගේ පුරෝගාමී සේවාවන්
  • පාසල් සමග සම්බන්ධතාව: සම්පත් හිඟය යනු ඉගෙනීමේ අවස්ථා හිඟයක් නොවන බව සහතික කරමින්, අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරමු.
  • ජීවිත කාලය පුරා ඉගෙනීමට ඇති හැකියාව : පාසල් සිසුන්ට පමණක් නොව,වෘත්තිකයන්ට ද, ඔවුන්ගේ වෘත්තියේ ඉහළ තලයකට ළඟා වීමට හෝ වෘත්තීන් වෙනස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීමට අපගේ ඩිජිටල් වේදිකාවට හැකි වී ඇත.
  • සුවිශේෂී ඉගෙනුම් මාර්ග: සිසු අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා, හැකියා මෙන් ම රුචිකත්වයන්ට ද අනුකූලව පාඨමාලා සැලසුම් කර ඇත.
අප හා එක්වන්න
ඔබේ සෑම නැරඹුම් වාරයක් ම , සෑම අදහසක් ම මෙය තව තවත් ඉදිරියට ගෙන යාමට අපව ධෛර්යමත් කරන්නකි.අප, ඉගෙනීමට ඇති තවත් එක් වේදිකාවක් පමණක් නොව; දැනුම සෙවීමට එක්වුණු ගෝලීය ප්‍රජාවකට මග කියන ආයතනයකි. ඔබත් අදම මෙම ගමනේ කොටස්කරුවෙකු වන්න.